42.31%
17.27%
32.76%
September 22, 2023

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පසුගියදා නිව්යෝර්ක් නුවරදී සිදුව තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වූ සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී මෙම හමුව සිදුව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකශ කරයි.

මෙහිදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ඉතා මිත්‍රශීලිව පිළිගෙන ඇති අතර, සුහද කතාබහකින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ බයිඩ්න් යුවළ සමඟ සමූහ ඡායාරූපයකට ද එක්ව තිබේ.

42.31%
17.27%
32.76%