September 12, 2024

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර ඇත.

සීතා අරඹේපොළ මෙම රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්කර ඇත්තේ ඇය දැනට දරන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ගීතා කුමාරසිංහ ඉවත්වීමත් සමගම එය පුරප්පාඩු විය.

ඊට සමගාමීව තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පලකරන බව රාජ්‍ය ඇමැතිනි සීතා අරඹේපොළ ප්‍රතිඥා ලබාදුන්නාය.