September 6, 2024

ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයකට සහ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියට පෙර නවසීලන්ත පුහුණු කිරීමේ කණ්ඩායම තවදුරටත් පුළුල් වී තිබේ.

හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් එම තරග තුන සඳහා නවසීලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස එක්වීමට නියමිතය.

ටෙස්ට් කඩුලු 433ක් දවාගෙන ඇති ඔහු මෙම තනතුර සඳහා පැමිණෙන්නේ ටෙස්ට් ක්‍රීඩක සක්ලේන් මුෂ්ටාක් වෙනුවට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීම භාරගැනීමෙන් අනතුරුවය.

හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර් ද නවසීලන්ත ක්‍රීඩකයන්ට යම් අභ්‍යන්තර දැනුමක් ලබා දීමට එක්වනු ඇත.

මෑතක දී රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ විශ්වාසවන්ත සහායකයකු ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් තම පුහුණුකාරිත්වයට පළපුරුදු දෙපළක් එක්වීම ගැන සතුට ප්‍රකාශ කර තිබේ.

“අපගේ ටෙස්ට් කණ්ඩායමට රංගන සහ වික්‍රම් හඳුන්වා දීම ගැන අපි ඇත්තටම සතුටු වෙනවා,ක්‍රිකට් ලෝකයේ මේ දෙදෙනාම ඉහළ ගෞරවයට පාත්‍ර වන අතර අපේ ක්‍රීඩකයන් ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව මම දන්නවා.” යනුවෙන් ඔහු පවසා ඇත.

“විශේෂයෙන්ම අපේ වමත් දඟපන්දු යවන්නන් තිදෙනාට, අජාස් (පටෙල්), මිච් (සැන්ට්නර්) සහ රචින් (රවීන්ද්‍ර), ඉදිරි ටෙස්ට් තරග තුනක් හරහා රංගන සමඟ වැඩ කිරීමට අවස්ථාව ලැබීම විශාල ප්‍රයෝජනයක් වෙයි. ශ්‍රී ලංකාවට එරෙහිව අපගේ ටෙස්ට් තරග දෙක පැවැත්වෙන ගාල්ලේදී රංගන ටෙස්ට් කඩුලු 100කට වඩා දවාගෙන තිබෙනවා. එම ස්ථානය පිළිබඳ ඔහුගේ දැනුම මිල කළ නොහැකි වෙයි.” යනුවෙන් ද ඔහු පවසා ඇත.

ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගය සඳුදා ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 18 වැනිදා ආරම්භ වේ.