October 15, 2023

හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ චූදිතයකු වන සාන්තන් නමැත්තා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ජනාධිපති රනිල් වික්‍රසිංහගේ සහාය ඉල්ලමින් ලිපියක් යොමුකර තිබේ.

වසර 32ක් සිරගතව සිටි තමන්ට ශ්‍රී ලංකාවට පැමිණ තම වයෝවෘද්ධ මව සමඟ යළි එක්වීමට සහාය වන ලෙස සිය ලිපියෙන් ඔහු ආයාචනය කර ඇත.

සුතෙන්දිරරාජා ලෙසින් ද හඳුන්වන සාන්තන් නමැත්තා රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිරගතව සිට නිදහස් කරන ලද චූදිතයන් පිරිසෙන් එක් අයෙක්.

තම ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීම සඳහා වන පෙත්සම් මේ වන විට මහ කොමසාරිස් කාර්යාලයේ සැළකිල්ලට ලක්වෙමින් පවතින බව ද සාන්තන් සිය අභියාචනයෙන් පෙන්වා දී තිබේ.

වසර 30කට වැඩි කාලයක් සිරගතව සිටි රජිව් ගාන්ධි ඝාතනයේ චූදිතයන් හයදෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පියවර ගනු ලැබුවේ 2022 වසරේ නොවැම්බරයේදීය.

ඒ, රජිව් ගාන්ධි ඝාතන නඩුවේ දී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ ඒ.ජී. පේරාරිවාලන් නිදහස් කරන ලෙසට නියෝග කරමින් එම වසරේ මැයි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයෙන් පසුව කෙරුණු අභියාචනය සළලකා බැලීමෙන් අනතුරුවය.

42.31%
17.27%
32.76%