November 29, 2024

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා නඩුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනකු නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

මෙම නඩුවේදී, 2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික චරිතය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම ඇතුළු චෝදනා දාහතරක් යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

42.31%
17.27%
32.76%