
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවරයා ලෙස නීතීඥ රජීව් අමරසූරිය දිවුරුම් දුන්නේය.
ඉකුත් පෙබරවාරි 19 වැනි දින පැවැති නිලවරණයේදී ඔහු ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්විය.
නීතීඥ රජීව් අමරසූරිය මීට පෙර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ.
ඔහු ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල / කමිටු සාමාජික, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීති අධ්‍යයන පිළිබඳ ස්ථාවර කමිටුව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සභා සභිකයකු ලෙස කටයුතු කිරීම ඇතුළුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල ප්‍රමුඛ තනතුරු කිහිපයක් දරයි.
එමෙන්ම නීතීඥ රජීව් අමරසූරිය පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර LAWASIA හි විධායක කමිටු සාමාජිකයෙකි.
රජීව් අමරසූරිය මීට පෙර ශ්‍රී ලංකා නීති අධ්‍යාපන කවුන්සිලයේ සාමාජිකයකු, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු, ශ්‍රී ලංකා ජාතික බේරුම්කරණ මධ්‍යස්ථානයේ පාලක මණ්ඩලයේ සාමාජිකයකු සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ක්ෂණික හිටපු සභාපතිවරයා ලෙස ද තනතුරු දරා ඇත.
ශාස්ත්‍රීය වශයෙන්, ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ඇති අතර, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු වන අතර, කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය (එක්සත් රාජධානිය) සහ ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනවල සාමාජිකයෙකි.
එමෙන්ම 2024 ජනවාරි 31 වැනි දින ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයට පත්කිරීම ද විශේෂත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart