April 12, 2024

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල බොහෝ ස්ථානවල සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සූර්යයාගේ උතුරු දෙසට සාපේක්ෂ චලිතය මත, එය මේ වසරේ අප්‍රේල් 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාවේ අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.

අද ශ්‍රී ලංකාවේ හිරු මුදුන්ව පවතින ආසන්නතම ප්‍රදේශ වන්නේ වන්චියන්කුලම්, ඕමන්ත, එරමඩු සහ තිරියායයි.

42.31%
17.27%
32.76%