February 7, 2025

2025 මාර්තු මස 10 වන දින සිට දුම්රිය කිහිපයක තෙවැනි පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් ගත් තීරණය අද දින තාවකාලිකව නවතාලීමට කටයුතු කොට ඇත.

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය දෙකක හා තලෙයිමන්නාරම බලා ධාවන වන දුම්රියේ මෙලෙස තෙවැනි පංතියේ වෙන්කළ ආසන පහසුකම ඉවත් කිරීමට තීරණය කර තිබිණී.

තෙවැනි පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම ඉවත් කිරීම පිළිබඳව ඊයේ දින ජනමාධ්‍ය හරහා ප්‍රචාරය ලබාදීම තුළින් ගොඩනැගුණු මහජන අදහස් හා විරෝධතා හමුවේ මෙලෙස එම පහසුකම ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති බව වාර්තා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%