Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට පුද්ගලයන් පිරිසක් දුම්රියේ දී විදේශීය සංචාරකයන් සඳහා සම්බාහන සිදුකිරීම දැක්වෙන, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර විසින් ජනමාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළකළේය.
එහිදී ඔහු පැවසුවේ එය දැඩි නින්දාසහගත සිදුවීමක් බවයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ ”ශ්‍රී ලාංකිකයකු මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකු ලෙසද මෙම සිදුවීම ඉතාමත් අපහාසාත්මක සිදුවීමක් ලෙසයි මා දකින්නේ.” යනුවෙනි.
තවද, තමාට ලැබී ඇති වාර්තා අනුව, මෙම සිද්ධිය සිදුව ඇත්තේ, ශ්‍රී ලංකා දුම්රිය සේවය මගින් ධාවනය කෙරෙන සාමාන්‍ය මගී දුම්රියක නොව පෞද්ගලික සංචාරක සමාගමක් විසින් කුලියට ගත් විශේෂ දුම්රියක බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පියවර ගනිමින් සිටින බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහතික විය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ බලධාරීන්ට දැනුම් දුන් බවත් සංචාරක පොලිසියට ද ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන බවත් ඔහු සඳහන් කළේය.
“ඉදිරියේදී මෙවැනි සිදුවීම් ඇති නොවීමට අපි කඩිනම් පියවර ගන්නවා. දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙන්නේ. වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් සිදු වූ පාඩුව අපි අයකර ගන්නවා. අතිරේක නීතිමය ක්‍රියාමාර්ග ද ගන්නවා” දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ අයි ඩී ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart