May 4, 2024

හත් දෙනෙකුට මාරු කැඳවමින් ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන් තරගාවලියේ දී සිදු වූ අනතුරට හේතුව සංවිධාන කිරීමේ දුර්වලතා සහ මූලික ආරක්ෂක පියවර නොගැනීම බව ශ්‍රී ලංකා රේසිං මෝටර් රථ රියදුරන්ගේ සංගමය පවසයි.

එම සංගමය පැවසුවේ දුහුවිලි වැළැක්වීම සඳහා ධාවන පථයට ජලය ඉසින ලෙසත් රියදුරන්ගේ පෙනීමට බාධාවක් නොවීමට වග බලා ගන්නා ලෙසත් තම සාමාජිකයන් විසින් දිගින් දිගටම කළ ඉල්ලීම් බලධාරීන් නොසළකා හැරි බවයි.

අප්‍රේල් 21 වැනි දින දියතලාව ෆොක්ස් හිල් පථයේදී මෝටර් රථ දෙකක් නරඹන්නන් සහ ට්‍රැක් මාෂල්වරුන් වෙත කඩා වැදී සිදුවූ අනතුරින් අට හැවිරිදි දැරියක් ඇතුළු හත් දෙනෙක් මිය ගියහ.

තරගාවලිය පැවැත්වීම සඳහා පත් කර සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මෙතරම් විශාල ඉසව්වක් පැවැත්වීම සඳහා අවශ්‍ය පළපුරුද්ද සහ ප්‍රවීණත්වයත් ෂය දැනුමත් නොතිබුණු බවට ද එම සංගමය චෝදනා කරයි.

සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ අවම වශයෙන් සෑම ඉසව් තුනකටම වරක් දූවිලි සහිත අපිරිසිදු ධාවන පථයට වතුර ඉසීම වුවද තරඟකරුවන්ගෙන් බොහෝ ඉල්ලීම් තිබියදීත් එය අනුගමනය නොකළ බව එම සංගමය පවසයි.

සිදු වූ මාරාන්තික අනතුරට මෙය ප්‍රධාන හේතුවක් බව ද එම සංගමය පවසයි.

අනතුරේ වීඩියෝ දර්ශනවලින් පෙනී ගියේ ධාවන පථය විශාල දූවිලි වලාකුළකින් ආවරණය වී රියදුරන්ගේ පෙනීමට බාධා මතුකරන ආකාරය බව ද එම සංගමය පෙන්වාදෙයි.

පෙර ඉසව්වකදී, එක තරගකරුවකු ජයග්‍රාහකයා වී සිටියදී තවත් වටයක් ධාවනය කර තිබුණේ ඔහු තරඟය ජයග්‍රහණය කළ බවට සංඥා කරන ලද ධජය නොදුටු බැවිනි.

මාරාන්තික අනතුරට පෙර සිටම දෘෂ්‍ය මට්ටම එබඳු වූ අතර ගැටලුව නිවැරදි කරන ලෙස රියදුරන්ගෙන් කළ ආයාචනා බලධාරීන් විසින් නොසළකා හරින ලද බව ශ්‍රී ලංකා රේසිං මෝටර් රථ රියදුරන්ගේ සංගමය පවසයි.

මාරාන්තික අනතුරට පෙර පවා, මෝටර් රථ තුළ සිරවී සිටි රියදුරන් වෙනත් මෝටර් රථවල ගැටීමේ අවදානමක සිටි බවත් තරගාවලි අධ්‍යක්ෂවරුන් හෝ භාරකරුවන් රතු කොඩි පෙන්වා එය නැවැත්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවටත් එම සංගමය චෝදනා කරයි.

තරඟ කාලසටහන් සපුරාලීම ගැන සංවිධායකයන් වඩාත් සැළකිලිමත් වූ අතර අනතුරකින් පසු රථය ධාවන පථය ඉවත් කිරීම සඳහා තරගය නැවැත්වීමට විරුද්ධවූ බව ද එම සංගමය පෙන්වාදෙයි.

මෙම ඉසව්වේ සියලුම ලාභ විපතට පත් වූවන්ගේ පවුල්වලට ලබාදිය යුතු බවත්, ක්‍රීඩාවේ පාලන අධිකාරිය වන ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් (SLAS) වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා රේසිං මෝටර් රථ රියදුරන්ගේ ඉල්ලීම වේ.