February 19, 2025

අද උදෑසන අලුත්කඩේ අධිකරණ ශාලාවේ සිදු වූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළ වීඩියෝවක දැක්වෙන්නේ, වෙඩිවැදුණු ගණේමුල්ල සංජිව රෝහලට ගෙනයෑමට කටයුතු නොකර, පොලිසිය සහ ආරක්ෂක නිලධාරීන් අසල රැස්ව සිටින ආකාරයයි.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවේ දැක්වෙන්නේ, වින්දිතයා වන පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව සාක්ෂි කූඩුවේ බිම වැටී සිටින ආකාරය සහ ඔහුගේ පපුවේ වෙඩිවැදීමේ තුවාලයක් දක්නට ලැබෙන ආකාරයයි.

කලබලය මධ්‍යයේ, ආරක්ෂක නිලධාරීන් ගණනාවක් තත්වය නිරීක්ෂණය කරමින් විස්තර සාකච්ඡා කරන නමුත් වින්දිතයාට උදව් කිරීමට කිසිදු උත්සාහයක් නොගන්නා ආකාරය දක්නට ලැබේ.

“මේ මනුස්සයා ජීවතුන් අතර සිටිනවද කියල බලන්න කවුරුවත් නැහැ. හුස්ම ගත්තා. හැබැයි කවුරුත් පරීක්ෂා කරන්නේ නැහැ” එහි සිටින එක් පුද්ගලයකු වීඩියෝවේ අදහස් දක්වනු ඇසෙයි.

පසුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන යන ලද ගනේමුල්ල සංජීව කොළඹ ජාතික රෝහලේදී මියගිය බව ප්‍රකාශ කරන ලදී.

වින්දිතයා රෝහලට ගෙනයෑමට ආරක්ෂක නිලධාරීන් කොපමණ කාලයක් ගත කළාද සහ ඒ වන විට ඔහු ජීවතුන් අතර සිටියාද යන්න තවමත් පැහැදිලි නැත.

මේ අතර, අධිකරණ සංකීර්ණයේ ස්ට්‍රෙචරයක් හෝ ගිලන් රථයක් වැනි හදිසි උපකරණ සූදානම්ව නොතිබුනේ මන්දැයි සමාජ මාධ්‍ය පරිශීලකයෙකු ප්‍රශ්න කර තිබිණි.

“මේ 2025 වසරයි, ශ්‍රී ලංකාවේ අධිකරණවල වෛද්‍ය මධ්‍යස්ථානයක්, ස්ට්‍රෙචරයක් හෝ ගිලන් රථයක් සූදානම්ව නැහැ, පොලිසියට මූලික වෛද්‍ය පුහුණුවක් නැහැ, අනෙක් රටවල සුපිරි වෙළඳසැල්වල පවා මෙවැනි දේ සූදානමින් තිබෙනවා. ” යනුවෙන් එම සටහනේ සඳහන් විය.