Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම පිළිබඳ වාර්තා හේතුවෙන්, පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සඳහා සම්බන්ධ පාසල් ගුරුවරුන්ට යම් යම් සීමාවන් හඳුන්වා දීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය සළකා බලමින් සිටින බව වාර්තා වේ.
මෑතකදී, උතුරු මැද පළාතේ තම පෞද්ගලික උපකාරක පන්තිවලට එන දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ඇතැම් ගුරුවරුන් විසින් සිංහල භාෂාව පිළිබඳ වසර අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය පිට කර තිබූ බව වාර්තා විය.
පාසල් ගුරුවරුන් විසින් පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට බස්නාහිර පළාතේ අධ්‍යාපන බලධාරීන් මීට පෙර තීරණය කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනය පසුව වහාම අවලංගු කරන ලදී.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පැවසුවේ එවැනි තීරණ ගැනීමට පළාත් බලධාරීන්ට බලය තිබුණද, මුළු රටටම පොදු ප්‍රවේශයක් හඳුන්වා දිය යුතු බවයි.
“මෙය රටම සළකලා ප්‍රවේශයක් ගන්න ඕනේ කරන ගැටලුවක්. පාසල් ගුරුවරුන්ට තමන්ගේම පාසල්වල දරුවන් සඳහා පෞද්ගලික උපකාරක පන්ති කරන්න අවසර දිය යුතුද යන්න පිළිබඳ විවාදයක් පවතිනවා. ගුරුවරුන් තම පෞද්ගලික උපකාරක පන්තිවලට නොපැමිණෙන දරුවන්ට වෙනස් කොට සැළකීම පිළිබඳවත් මාපියන්ගෙන් පැමිණිලි ලැබෙනවා,” යනුවෙන් අමත්‍යාංශ නිලධාරියෙක් පවසා තිබේ.
සියලුම පාර්ශවකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසු, උපකාරක පන්ති පැවැත්වීම සඳහා පොදු නිර්ණායකයක් හඳුන්වා දීමට අමාත්‍යාංශය දැන් සැලසුම් කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart