December 28, 2023

යාපනයේ තිස්ස විහාරය ඒ ස්ථානයෙන් වහාම ඉවත් කරන ලෙසට බල කරමින් සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් යාපනය තායියඩී ප්‍රදේශයේ දී පෙරේදා (26) සත්‍යග්‍රහයක් පවත්වා ඇත.

ඔවුහු පැය කිහිපයක් විහාරය ඉදිරිපිට මෙලෙස විරෝධයේ නිරත වී තිබේ.

සෑම පොහොය දිනකම තිස්ස විහාරය ඉදිරිපිට මෙසේ විරෝධතා සත්‍යග්‍රහ ක්‍රියාත්මක කරන බව විරෝධතාකරුවෝ පවසා ඇත.

විරෝධතා හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන තරකර තිබේ.(ලංකාදීප)

42.31%
17.27%
32.76%