February 6, 2025

2009 දී ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේ පවතින ගැටලුසහගත කරුණු ඉස්මතු කරමින්, ලසන්තට යුක්තිය ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් අද පස්වරුවේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පවත්වන ලදී.

විරෝධතාකරුවෝ නීතිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලා සිටි අතර, ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවන් තිදෙනකු නිදහස් කිරීමේ නියෝග සම්බන්ධයෙන් විනිවිදභාවයක් ඉල්ලා සිටියහ.

ජනවාරි 27 වන දින නීතිපති පාරින්ද රණසිංහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාට දැනුම්දුන්නේ නඩුවේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිමය කටයුතු අඛණ්ඩව සිදුනොවන බවයි.

එම ලිපියට අනුව, හිටපු හමුදා බුද්ධි නිලධාරී ප්‍රේම් ආනන්ද උදලාගම, ගල්කිස්ස අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර නිදහස් කළ හැකිය.

නීතිපතිවරයාගේ නිර්දේශය පිළිබඳ විවේචනවලට ප්‍රතිචාර දක්වමින් රජය පැවසුවේ මෙම කාරණය සොයාබලා ඒ පිළිබඳව අධ්‍යයනයක් සිදුකරන බවයි.

42.31%
17.27%
32.76%