
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉතා ඉක්මණින් ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසා තිබේ.
අමාත්‍යවරයා මේ බව අනාවරණ කර ඇත්තේ, මෙරට මතභේදාත්මක ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් නඩු පැවරීමේ ප්‍රමාදයක් පවතින බවට සමාජයේ පවතින කතාබහ මධ්‍යයේය.
නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ඇතුළු අනෙකුත් නියෝජිතයන් සහ අධිකරණ අමාත්‍යවරයාගෙන් සැදුම්ලත් ප්‍රධාන පාර්ශවකරුවන් ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සඳහා ඊයේ පළමු වරට රැස්ව තිබේ.
“අද, ස්වාධීන නඩු පවරන කාර්යාලයක් පිහිටුවීම සඳහා මූලික සාකච්ඡාවක් පැවැත්වුණා” යනුවෙන් නානායක්කාර අමාත්‍යවරයා එම සාකච්ඡා වටයෙන් අනතුරුව පටිගත කරන ලද වීඩියෝවක් ජනමාධ්‍ය වෙත තහවුරු කර තිබිණි.
“මෙහි අවසාන අරමුණ වන්නේ කාර්යක්ෂම නඩු පැවරීමේ ඒකකයක් නිර්මාණය කිරීමයි, ඒ වගේම සුදුසු අවස්ථාවක මහජන අදහස් සහ සිවිල් සමාජ සංවිධානවල අදහස් ලබාගැනීමට අපි තීරණය කළා. ඉතා ඉක්මණින් නඩු පැවරීමේ ඒකකයක් පිහිටුවීමේ අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව ඉටු කිරීමට අපට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වනවා ” යනුවෙන් අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ, මේ වෙනුවෙන් විද්වත් මණ්ඩලයක් පත්කිරීම කැබිනට් පත්‍රිකාවක් හරහා සිදුකරන බවයි.
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමේ පළමු පියවර ලෙස රජය විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් දෙදෙනකු, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, විෂය දැනුම ඇති අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයකු ඇතුළත් විද්වත් මණ්ඩලයේ සාමාජිකයන් නම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart