42.31%
17.27%
32.76%
September 29, 2023

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙනඒමට සූදානම් වන අන්තර්ජාල ආරක්‍ෂාව පිළිබඳ නීතිය, එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, නිදහස් අදහස් ප්‍රකාශනය තලා දැමීමට සහ ශ්‍රී ලංකාවේ දැනටමත් හැකිළෙමින් පවතින ජනතා අදහස් තවදුරටත් සංකෝචනය වනු ඇති බව අන්තර්ජාතික නීතිවේදීන්ගේ කොමිසම (ICJ) පෙන්වාදෙයි.

2023 සැප්තැම්බර් 18 වන දින, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සාමාන්‍ය ජනතාවගේ සන්නිවේදන කටයුතු නියාමනය කිරීමට අදහස් කරන “මාර්ගගත ආරක්ෂාව” නමින් පනත් කෙටුම්පතක් ගැසට් කරන ලදී.

ප්‍රකාශයක් නිකුත් කරමින් ICJ පවසන්නේ, තොරතුරු දැනගැනීමේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු රටේ මානව හිමිකම් සහ මූලික නිදහස ක්‍රියාත්මක කිරීම හෑල්ලුවට ලක්කිරීමට මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන ඇතුළත් කර ඇති බවයි.

විශේෂයෙන් මෙම කෙටුම්පතේ අන්තර්ජාල ආරක්ෂණ කොමිසමක් පිහිටුවීම, දඬුවම් ලැබිය හැකි වැරදි නම්කිරීම සහ නොපැහැදිලි හා පුළුල් නිර්වචනයන් සඳහන් කර තිබීම කෙරෙහි ICJ දැඩි අවධානය යොමුකර ඇත.

“අන්තර්ජාල වෛරී ප්‍රකාශ සහ වැරදි තොරතුරු පැතිරීම පාලනය කළ යුතු නමුත්, මෙම පනත් කෙටුම්පතේ සැලසුමේ ගැඹුරින් දෝෂ සහිත වන අතර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීමට අඛණ්ඩව අපොහොසත් වූ ශ්‍රී ලංකා රජය විසින් අනිසි ලෙස භාවිත කිරීමට විවෘත වනු ඇත” යැයි ICJ පෙන්වාදෙයි.

“රජයේ හැසිරීම සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ කරුණු සම්බන්ධයෙන් වැදගත් මහජන විවාදයන් යටපත් කිරීමට එය භාවිත කිරීමේ අවදානමක් ඇත” යැයි ICJ වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%