![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/ARAGALAYA-COMPENSATION-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හයිබ්‍රිඩ් වාහන ආනයනය කිරීමේදී එන්ජින් ධාරිතාව මත බදු අය කරන්නේ නම් එය පාරිභෝගිකයා මෙන්ම රජයද සෑහීමකට පත් කරන අතරම මෙරට පවතින වාහනවල මිල අඩු කරන බව ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ජගත් රාමනායක පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ හයිබ්‍රිඩ් වාහන භාවිතයේ ගෝලීය ප්‍රවණතාවක් පවතින බවයි.
පෙට්‍රල් හෝ ඩීසල් ධාවනය වන වාහනවලට සාපේක්ෂව දෙමුහුන් වාහන ආනයනය කිරීමට අවශ්‍ය විදේශ විනිමය සැළකිව යුතු ලෙස අඩුය.
රාමනායක යෝජනා කරන්නේ රජයට ස්ථාවර ආදායම් මාර්ගයක් සහතික කරමින් එන්ජින් ධාරිතාව මත බදු අය කරන අතරම පාවිච්චි කළ හෝ අලුත්ම වාහන ආනයනයට රජය කටයුතු කළ යුතු බවයි.
එන්ජින් ධාරිතාව මත දෙමුහුන් වාහන ආනයනය සඳහා බදු පැනවීම පාරිභෝගිකයාට මෙන්ම රජයටද ප්‍රතිලාභ අත්වන බවත් එමගින් රට තුළ පවතින වාහනවල මිල ද අඩු වනු ඇති බවටත් ඔහු විශ්වාසය පළකළේය.
වසර පහක අත්හිටුවීමෙන් පසු 2025 පෙබරවාරි 1 වැනිදා සිට පෞද්ගලික භාවිතය සඳහා මෝටර් වාහන ආනයනය කිරීමට අවසර දීමට ගත් තීරණය ද ඔහු අගය කළේය.
“ජපානයෙන් වාහන ආනයනය කරන්නන් වශයෙන් අපි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන් සමඟ සාකච්ඡා කර රජයට දැනුම් දී තිබෙනවා වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට සුදුසුම කාලය දැන් කියලා. කොවිඩ් වසංගතයෙන් පසු, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල් වසර දෙක තුනක් ඇතුළත වාහන ආනයනය නැවත ආරම්භ කළා. සමහර රටවල් ආනයන දිරිමත් කිරීම සඳහා බදු අඩු කළා. තවත් සමහරක් ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය වාහන සඳහා ඇති ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් ආනයන බදු ශුන්‍ය කළා, ”යනුවෙන් ඔහු පැවසීය.
රාමනායක ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ මෙම වාහනවල ඉහළ ගුණාත්මක බව වෙනුවෙන් ආනයනය කරන වාහනවල නිෂ්පාදන වර්ෂය වසර තුනේ සිට වසර හතක් දක්වා දීර්ඝ කරන ලෙසයි.
විධිමත්ව සහ පරිසර හිතකාමී පරිසරයක භාවිත කිරීම හේතුවෙන් පරිසර හානිය අවම වන අතරම එවැනි වාහන ආනයනය කිරීමෙන් පිරිවැය සියයට 50කට වඩා අඩු වන බව ඔහු අවධාරණය කළේය.
ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය වැනි රටවලට අපනයනය කරන වාහන බොහෝ විට නිෂ්පාදනය කළ දින සිට වසර හතකට ආසන්න කාලයක් පැරණි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart