
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහුගේ වසය අවුරුදු 72 කි.
මාතර කෝට්ටගොඩ ග්‍රාමයේ දී 1952 නොවැම්බර් මස 22 වන දින මෙලොව එළිය දුටු ජයසේන කෝට්ටෙගොඩ සහෝදර සහෝදරියන් හත්දෙනකුගෙන් යුතු පවුලේ දෙවැනියාය.
මූලික අධ්‍යාපනය සඳහා ගොඩඋඩ කනිටු විදුහලටත් අනතුරුව ගොඩඋඩ මහා විද්‍යාලයටත් ඇතුළු වූ ඔහු, පසුව රජයේ නැටුම් හා මුද්‍රණ නාට්‍ය විද්‍යාලයට පිවිසිණි.
ඔහු සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් බිහිවූ ප්‍රථම ලලිත කලාවේ දී උපාධිධාරින් කණ්ඩායමේ සාමාජිකයෙකි.
1978 ඔක්තෝබර් මස 31වැනි දින ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ බාහිර කතිකාචාර්යවරයකු ලෙස එක්විය.
පහතරට නර්තනයේ ජීවමාන නර්තන විශාරදයා වූයේ සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩයි.
පහතරට නර්තන සම්ප්‍රදාය මෙන්ම ශාන්තිකර්ම පර්යේෂණ ක්ෂේත්‍රය නව මගකට යොමුකළ ඔහු විෂයගත පර්යේෂණ කෘති 30ක් පමණ නිර්මාණය කර තිබේ.
ශ්‍රී ලංකා නැටුම්, ඉන්දියානු නැටුම්, සංගීතය, ජනප්‍රවාද සහ ජන කලා යන විෂයයන් යටතේ ද ඔහු පර්යේෂණ කෘති 30 ක් පමණ රචනා කර ඇත.
එම පර්යේෂණ කෘති රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීය.
සෞන්දර්ය අධ්‍යයන ක්ෂේත්‍රයේ මෙරට පළමු මහාචාර්යවරයා ඔහුය.
චිත්‍රපට ක්ෂේත්‍රයේ නර්තන ශිල්පියකු සහ නර්තන අධ්‍යක්ෂකවරකු ලෙසත් ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් රැසක බාහිර නිෂ්පාදකයකු ලෙසත් මහදුරු ජයසේන කෝටේගොඩ සිය දායකත්වය සපයා තිබේ.
ජයසේන කෝට්ටේගොඩගේ දේහය බොරලැස්ගමුව, 10 කණුව පාරේ සිය නිවසේ තැන්පත් කර ඇති ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 17 වැනිදා බොරලැස්ගමුව පොදු සුසාන භුමියේදී සිදුකිරිමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart