Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සමීපතම ඥාතීන්ගේ සහ සේවකයන්ගේ ඉපැයීම් පිළිබඳ සොයාබලා ඔහුගේ වත්කම් පිළිබඳ විමර්ශනය පුළුල් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු Sunday Times වෙත පවසා ඇත්තේ, ඉදිරි දින කිහිපය තුළ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයන් උපයාගත් ධනය සම්බන්ධයෙන් කළ පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බවත්, එම නිසා පවුලේ සෙසු සාමාජිකයන්ගේ වත්කම් පිළිබඳව සොයාබැලීමට තීරණය කළ බවත් ඔහු පවසා ඇත.
හිටපු ඇමැතිවරයාගේ, ඔහුගේ බිරිඳගේ, දියණියන් තිදෙනකුගේ සහ බෑණාගේ ස්ථාවර තැන්පතු 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් ඔක්තෝබර් 4 වැනිදා දක්වා අත්හිටුවීමට කොළඹ මහාධිකරණය පසුගිය සතියේ නියෝග කළේය.
මීට පෙර, අල්ලස් කොමිසම විසින් එහි බලතල යටතේ එම ගිණුම් සතියකට අත්හිටුවන ලදී.
අනතුරුව කොමිසමේ නියෝජ්‍ය කොමසාරිස් සුභාෂිනී සිරිවර්ධන මහාධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටියාය.
ඒ අනුව එම ගිණුම් අත්හිටුවීමේ නියෝගය මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් නිකුත් කරනු ලැබීය.
කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් කුප්පි ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart