January 24, 2024

රජය මිල පාලනය කර ඇති ඖෂධ අධික මිලට අලෙවි කරමින් ආන්දෝලනයට තුඩු දුන් කොළඹ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් පැමිණිල්ලේ පාර්ශවය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් හමුවේ ඊයේ නඩුව කැඳවීමට නියමිතව තිබියදී කළින්ම වරද පිළිගෙන තිබූ බව වාර්තා වේ.

උපරිම සිල්ලර මිලට ලැයිස්තුගත කර ඇති ඖෂධ වර්ග 11ක් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ආසිරි හොස්පිට්ල් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂවරුන් අටදෙනකුට සහ තවත් නිලධාරීන් තිදෙනකුට එරෙහිව චෝදනා ගොනු කළ බව NMRA හි ප්‍රකාශකයෙක් පවසයි.

පසුගිය වසරේ මැද භාගයේ සනත් කුමාර අතුකෝරල නමැති රෝගියකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වන NMRA, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වමින් දෙසැම්බර් මස අවසන් සතියේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබිණි.

එමෙන්ම ජනවාරි 24 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස රෝහල් බලධාරීන්ට සිතාසි නිකුත් කර තිබිණි.

කෙසේවෙතත්, පැමිණිලිකරු සිය පෞද්ගලික නීතීඥයන් මෙන්ම NMRA, ආහාර හා ඖෂධ පරික්‍ෂණ ඒකකයේ නිලධාරීන් සමඟ අද අධිකරණයට ගිය අවස්ථාවේදී නඩුව නියමිත පරිදි කැඳවා තිබී නැත.

රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් කළ විමසීමකදී, දන්වා ඇත්තේ ජනවාරි 17 වැනිදා නඩුව කල්තියා කැඳවූ බවත්, විත්තිකාර රෝහල පාර්ශ්වයෙන් මෝසමක් ගොනුකර වැඩබලන මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ වරද පිළිගත් බවත්ය.

ඒ අනුව ඔවුන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවලට අදාළව රෝහලට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇත.

2023 ජූනි 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිල 16% කින් අඩුකර ඇති අත්‍යාවශ්‍ය සහ බහුලව භාවිත වන ඖෂධ වර්ග 65ක ලැයිස්තුවක් කැබිනට් අනුමැතිය සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධියට පත්කරන ලදී.(Daily Mirror)

42.31%
17.27%
32.76%