March 18, 2024

නුපුහුණු සේවකයන් සේවයේ යොදාගැනීම හේතූවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණී රෝගීයකුට අනතුරක් වූ බවට චෝදනා කරමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට, එම රෝහලේ සේවය කළ විකිරණ ශිල්පියකුට සහ හෙදියකට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

මේ සම්බන්ධයෙන් ගෙන එන ‘ලංකාදීප’ වාර්තාවේ සඳහන්වන ආකාරයට, පුහුණු වෛද්‍ය සේවක පිරිසකගෙන් යුක්ත කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යා යුතුය යන ලියාපදිංචි කොන්දේසිය කඩකරමින්, සේවකයන් සේවයේ යොදාගැනීමෙන් පෞද්ගලික වෛද්‍ය ආයතන පනත යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි කර ඇති බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය නඩු පවරා ඇත.

මීට වසර 09කට පෙර සිදුවු සිද්ධියක් පදනම් කරගනිමින් අදාළ පෞද්ගලික රෝහලට සහ එම රෝහලේ සේවකයන් වශයෙන් කටයුතු කළ දෙදෙනකුට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.

2015 ජනවාරී 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොල්ලුපිටියේදී 2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන (ලියාපදිංචි කිරීමේ) පනත යටතේ පුහුණු වෛද්‍ය සේවක පිරිසකගෙන් යුක්ත කාර්ය මණ්ඩලයක්පවත්වාගෙන යා යුතුය යන ලියාපදිංචි කොන්දේසිය කඩකරමින්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවූ විකිරණ ශිල්පියකු සහ ශ්‍රී ලංකා හෙද සභාවේ ලියාපදිංචි නොවු හෙදියක සේවයේ යොදවාගෙන ඇතැයි චෝදනා 04ක් යටතේ නඩු පවරා ඇත.

නුපුහුණු සේවකයන් සේවයේ යොදාගැනීමෙන් පෞද්ගලික වෛද්‍ය ආයතන පනත යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි විත්තිකරුවන් කර ඇතැයිද කොල්ලුපිටිය පොලිසිය පවරා ඇති චෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක්, එම රෝහලේ විකිරණ ශිල්පියකු ලෙස සේවය කළ බව කියන සරත්චන්ද්‍ර අලගහවත්ත සහ හෙදියක බව කියන නිමාලි මධුකා විජේසේකර නමැත්තන්ය.

පෞද්ගලික රෝහලට එරෙහිව පොලිසියට පැමිණිලි කළ කොළඹ 03” ආර්”ඒ ද මැල් මාවතේ ජනක මනීෂ මීමනගේ” ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛාධිකාරීවරයා” ශ්‍රී ලංකා හෙද සභාවේ ලේඛාධිකාරීවරිය” පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලේකම්වරයා ඇතුළු 09 දෙනෙකු පැමිණීල්ලේ සාක්කිකරුවන් වශයෙන් නම් කර ඇත.

42.31%
17.27%
32.76%