Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් දෙකක් සිය අයිතියට ලබාගැනීම සඳහා මේ වනවිට ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සූක්ෂ්ම
තරගයකට අවතීර්ණ වී ඇති බව ව්‍යාපාර ක්ෂේත්රයේ ආරංචි මාර්ග පවසයි.
මෙම රෝහල් දෙකින් එකක් ණය අර්බුදයක් හේතුවෙන් පරාටේ නීතියට අනුව වාණිජ බැංකුවක් මඟින් විකුණා දැමීමට එම බැංකුව උත්සාහ ගෙන ඇති අතර එම රෝහල අත්පත්කර ගැනීමට මෙරට ප්‍රධානතම පෙළේ ව්‍යාපාර ජාලයක බහුතර අයිතිය හිමි ව්‍යාපාර නායකයකු දැඩි උත්සාහයක යෙදෙන බව
සදහන් වේ.
ඊට අමතරව රෝහලේ පවතින වත්කම් සහ වටිනාකමට සාපේක්ෂව ඉතා අඩු මුදලකට මෙම රෝහල අත්පත් කර ගැනීම සඳහා තවත් ව්‍යාපාර පාර්ශ්ව කිහිපයක් අදාළ බැංකුව සහ හිම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් උත්සාහ දරන බව සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පවුලකට වැඩි අයිතියක් ඇති මෙම රෝහල් ගනුදෙනුව හේතුවෙන් ප්‍රධාන ව්යාපාර්කයන් අතර දැඩි උණුසුමක් මෙන්ම යම් යම් විරසකයන්ද නිර්මාණය වී ඇති බව සඳහන් වේ.
අනෙක් රෝහල රජයේ වැඩි කොටස් අයිතියක් සහිත වන අතර එම රෝහල ලබා ගැනීම සඳහාද ව්‍යාපාරිකයන් කිහිපදෙනකුම උත්සාහ දරමින් සිටින බව සඳහන් වේ.
මේ වන විට එම රෝහල සඳහා ආයෝජකයන් තේම, ඒ සඳහා මුදල් අමාත්‍යංශය විසින් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුවක් මඟින් පළමු අදියර අවසන්ව ඇති අතර එහිදී සුදුසුකම් නොලද එක් ව්‍යාපාරිකයකු ඊට එරෙහිව අධිකරණයේද සහාය පතා ඇත.
එසේම ඔහු සමඟ මෙම රෝහල සඳහා ආයෝජනය කිර්මට සුදුසුකම් නොලද සහ මූලික වටයේදී ඒ පිළිබඳව අවධානයක් යොමු නොකළ තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විදේශ ආයෝජකයන්ද හවුල් කරගෙන එම රෝහල මිලදී ගැනීමට උත්සාහ දරන බවත් මේ සඳහා රජයේ ප්රබලයන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ පසුගිය කාලය තුළ පැවැති අර්බුදකාරී තත්ත්වයත් සමඟ පෞද්ගලික වෛද්‍ය ක්ෂේත්රය වෙත මුදල් වැය කිර්ම ක්‍රය ශක්තිය ඇති රෝගීන් යොමු වීමේ ප්‍රවණතාවක් සංචාරක ක්ෂේත්රයේ වර්ධනයත් හේතුවෙන් ආයෝජකයන්ගේ වැඩි ආකර්ෂණයක් හිමිව ඇති අතර විදේශ ආයෝජකයන්ද මෙම රෝහල් මිලදී ගැනීමේ තරගයට අවතීර්ණ වී ඇතැයි කරුණු හෙළි කළ ආරංචිමාර්ග සඳහන් කරයි. (මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart