February 5, 2024

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන, මොනරාගල බන්ධනාගාරයේ පුනරුත්ථාපන නිලධාරිවරයා හෙරොයින් මිලිග්‍රෑම් 07ක් සමඟ ඊයේ (04) දහවල් මොනරාගල සිරිගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මොනරාගල පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකාර බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරිවරයා සියඹලාණ්ඩුව, අම්පාර හන්දිය ප්‍රදේශයේ පදිංචි හතළිස්තුන් හැවිරිදි අයකු බව අනාවරණය වී තිබේ.

රාජ්‍ය බුද්ධි සේවාවේ මොනරාගල කාර්යාංශයේ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව සැකකාර බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරිවරයා හෙරොයින් පැකට් 07ක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ මොනරාගල, සිරිගල ප්‍රදේශයේදීය.

මෙහිදී සැකකරුට අයත් යතුරුපැදියද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පොලිසිය පවසන්නේ කලෙක සිට මොනරාගල බන්ධනාගාරය හා ඉන් පිටත ප්‍රදේශවල මත් කුඩු බෙදාහැර ඇත්තේ මොහු බවය.

අත්අඩංගුවට පත් සැකකාර බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරියා ඊයේ (04) මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.(මව්බිම)

42.31%
17.27%
32.76%