January 21, 2025

පළමු වසරට සිසුවකු ඇතුළත් කරදීම සඳහා එම සිසුවාගේ මවුපියන්ගෙන් රුපියල් 18,500 මුදලක් හා වැලි කියුබයක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන විදුහල්පතිවරයකු මෙම මස 31 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ (20දා) නියෝග කළාය.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ මහා විද්‍යාලයක විදුහල්පතිවරයකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, සැකකාර විදුහල්පතිවරයාගේ පෞද්ගලික කටයුතු සඳහා එම අල්ලස ඉල්ලා ඇති බවද විමර්ශන නිලධාර්න් අධිකරණයට දැන්වීය.

දරුවා පාසලට ඇතුළත් කරදීමට අවශ්‍ය නම් සිමෙන්ති කොට්ට දහයක් සඳහා වැයවන රුපියල් 18,500ක මුදලක් හා වැලි කියුබයක් ලබාදෙන ලෙසට විදුහල්පතිවරයා එම මවුපියන්ගෙන් ඉල්ලා ඇති බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාහු අධිකරණයට දන්වා සිටියහ.

පසුව මවුපියන් සිද්ධිය සම්බන්ධයෙන් එම විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලක් අනුව උපායදූතයකු යොදවා සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරීර්න් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවිය.

2025 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුවා ඇතුළත් කර ගැනීම සඳහා එම අල්ලස් ගැනීම සිදුකර ඇති බවද අනාවරණය විය.(මව්බිම)

42.31%
17.27%
32.76%