November 8, 2024

රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, තම රාජකාරී කරන පාසල තුළදීම අල්ලස් ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.

රුපියල් 150,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.

මීට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසිනි.

ලබන වසර සඳහා දරුවකු පාසලට ඇතුළත් කරගැනීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව පැවැසේ.

42.31%
17.27%
32.76%