November 8, 2023

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීමේදී විරුද්ධත්වය පාමින් මහජන පීඩාවක් වන පරිදි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් හයදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 20 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පෙරේදා (06) නියෝග කර ඇත.

2016.02.06 වැනිදා මංමාවත් පනත හා පොලිස් ආඥා පනත උල්ලංඝනය කරමින් විරෝධතා ව්‍යාපාරයක් හා පාගමනක් පැවැත්වීම සම්බන්ධයෙන් විමල් වීරවංශ, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න හා මොහොමඩ් මුසම්මිල් ඇතුළු සැකකරුවන් හයදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව වෙනුවෙන් එවකට කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියා පෙරේදා සාක්‍ෂි ලබා දී ඇත.

ඉදිරි දිනයේදී සාක්‍ෂි ලබාදීම සඳහා පොලිස් අධිකාරී රොෂාන් ඩයස් ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනකුට පැමිණෙන ලෙස දන්වා සිතාසි යැවීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

42.31%
17.27%
32.76%