42.31%
17.27%
32.76%
August 14, 2024

සතියකට පෙර ප්‍රධාන විරුද්ධ පක්ෂය විසුරුවා හැරීමෙන් පසු, තායිලන්තයේ දේශපාලනය තවදුරටත් කැළඹීමට ලක්කරමින් තායිලන්තයේ අධිකරණයක් විසින් ආචාර ධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් අගමැති ශ්‍රෙත්තා තවසින් අද ධුරයෙන් ඉවත් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ශ්‍රේත්තව ධුරයෙන් ඉවත්කර ඇත්තේ, ඔහු විසින් අධිකරණ නිලධාරියෙකුට අල්ලස් දීමට තැත්කිරීමේ චෝදනාවකට සිරගතව සිටි කැබිනට් සාමාජිකයෙකු පත්කිරීම සම්බන්ධනි.

උසාවියේ විනිසුරන් ශ්‍රේතාට විරුද්ධව 5:4 ක් ලෙස ඡන්දය දුන් අතර තීන්දුවෙන් අනතුරුව ඔහුව වහාම තනතුරෙන් ඉවත් කෙරිණි.

නව අගමැතිවරයකු පාර්ලිමේන්තුව විසින් අනුමත කරන තෙක් කැබිනට් මණ්ඩලය භාරකාර පදනම මත ක්‍රියාත්මක වනු ඇත.

පාර්ලිමේන්තුවට එම තනතුර පිරවීමට නිශ්චිත කාලසීමාවක් නොමැත.

ශ්‍රේත්තා විසින් පසුගිය අප්‍රේල් මාසයේ කැබිනට් සංශෝධනයකදී පිචිත් චුවෙන්බන් අගමැති කාර්යාලයේ ඇමතිවරයෙකු ලෙස පත්කර ඇත.

හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා සම්බන්ධ නඩුවකදී, සිල්ලර බඩු මල්ලක දමා තිබූ බාට් මිලියන 2 (ඩොලර් 55,000) ක මුදලක් විනිසුරුවරයකුට ලෙස අල්ලස් දීමට තැත්කළ බව කියන පිචිත්, 2008 දී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත මාස හයක සිරගත කරන ලදී.

පිචිත් පත්කර සති කිහිපයකට පසු එම ධූරයෙන් ඉල්ලා අස්වූයේ සිද්ධිය සම්බන්ධයෙන් මතභේදයක් ඇති වූ නිසාය.

අගමැතිවරයා ලෙස ශ්‍රේත්තාට ඔහුගේ කැබිනට් මණ්ඩලයට පත්කරන පුද්ගලයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්පූර්ණ වගකීම පැවරෙන බව අධිකරණය තීන්දු කළේය.

42.31%
17.27%
32.76%