
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය භූතානයේ සහ නේපාලයේ අග්‍රාමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.
ඒ, තායිලන්තයේ බැංකොක් නගරයේදීය.
එම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර ආර්ථික සහයෝගීතාව සහ කලාපීය සම්බන්ධතා ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇත.
6 වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීමට සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” ප්‍රවර්ධන වැඩසටහන්වලට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය අමරසූරිය මේ වන විට තායිලන්තයේ බැංකොක් නුවර රැදී සිටියි.
සමුළුවට සමගාමීව, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය තායි-ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කරන ලද “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” ව්‍යාපාරික සංසදය අමතා ඇත.
මෙම සංසදය ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ඉස්මතු කිරීමට සහ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශක්තිමත් වාණිජ සබඳතා වර්ධනය කර ගැනීමේ වේදිකාවක් වේ.
මේ අතර, දෙරට අතර පවතින දීර්ඝකාලීන සංස්කෘතික හා ආගමික සබඳතා අගයමින් අග්‍රාමාත්‍යවරිය සිය තායිලන්ත සංචාරයේදී බැංකොක් නුවර පිහිටි ඓතිහාසික වට් ෆෝ, විහාරස්ථානයට පැමිණි අතර විහාරාධිපති අතිපූජ්‍ය ප්‍රා ධම්ම වජිර පඤ්ඤාචාර්ය හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා ය.
සංචාරයක නිරත බිම්ස්ටෙක් නායකයන් වෙනුවෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය පේතොංටාර්න් ෂිනවත්‍රා විසින් පවත්වන ලද නිල රාත්‍රී භෝජන සංග්‍රහයකට ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගී වී තිබේ.
බිම්ස්ටෙක් ඉහළ පෙළේ නායක හමුව අද පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරය ශ්‍රී ලංකාවේ කලාපීය රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරන අතර, ආයෝජන සහ සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකත්වය ප්‍රවර්ධනය කරමින් බිම්ස්ටෙක් රාමුව තුළ අර්ථාන්විත ලෙස සම්බන්ධ වීමට රටේ කැපවීම යලි තහවුරු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart