
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට ගොස් ඇත.
අප්‍රේල් 1 වන අඟහරුවාදා(අද) UNESCO මූලස්ථානයේදී එහි අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ’ශ්‍රී ලංකාවේ අනුරාධපුර පූජනීය නගරයේ ලෝක උරුමය ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ හා තිරසාර ප්‍රවේශයක් සහ ඒ ආශ්‍රිත ජීවන උරුමය’ පිළිබඳ අන්තර්ජාතික විශේෂඥ සමුළුවේ සැසිවාරයක් සඳහා අග්‍රාමාත්‍යවරිය සහභාගී වීමට නියමිතය.
යුනෙස්කෝව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයෙන් සංවිධානය කරන ලද මෙම සමුළුව, අතිවිශාල සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමක් ඇති UNESCO ලෝක උරුම අඩවියක් වන අනුරාධපුරය සංරක්ෂණය කිරීමට තිරසාර උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ප්‍රමුඛ අන්තර්ජාතික විශේෂඥයන් එක්රැස් වී පැවැත්වෙන්නකි.
සමුළුවට සමගාමීව, ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හමුවීමට ද නියමිතය.
අග්‍රාමාත්‍යවරිය සමග ශ්‍රී ලාංකික දූත පිරිසට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු නිලධාරීන් පිරිසක් ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart