
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය අතරතුර නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියකට බාධාවක් විය හැකි ප්‍රකාශ සිදු නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකට දැනුම් දෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ලිපියක් යවා තිබේ.
ජාතික ජන බලවේගයේ නියෝජිතයන් පළාත් පාලන ආයතන පාලනය නොකළහොත්, ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට බාධා ඇති විය හැකි බව ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණ ප්රචාරක රැලි කිහිපයකදී සඳහන් කළ බව විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කර තිබිණි.
පසුව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඇතුළු කණ්ඩායම් කිහිපයක්, මේ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ පැමිණිලි කිහිපයකින් පසුව කොමිසම මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇති බවයි.
“ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපට බොහෝ පැමිණිලි ලැබුණා. එවැනි ප්‍රකාශ හරහා එක් අපේක්ෂක කණ්ඩායමක් අගතියට පත්වනවා වගේම තවත් අපේක්ෂක කණ්ඩායමකට අසාධාරණ වාසියක් ලබා ගන්න පුළුවන් වෙනවා. අපි ජනාධිපති ලේකම්වරයාට යොමු කළ ලිපියෙන් ඉල්ලා සිටියේ එවැනි ප්‍රකාශ නැවත නොකරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙසයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද දේශපාලන රැලිවලදී අදහස් දක්වමින් දිසානායක ජනාධිපතිවරයා කියා සිටියේ, අනෙකුත් පක්ෂ විසින් පාලනය කරනු ලබන පළාත් පාලන ආයතන සඳහා අරමුදල් සහතික කිරීමට රජයට නොහැකි අතර ඊට හේතුව එම නියෝජිතයන් විශ්වාස කිරීමට ඔවුන්ට නොහැකි වීම බවයි.
ජාතික ජන බලවේගය නොවන කණ්ඩායම්වල යෝජනා දස වතාවක් දක්වා පරීක්ෂා කිරීමට මධ්‍යම රජයට සිදුවන බවත්, ජාතික ජන බලවේගය ප්රමුඛ ආයතනවල යෝජනා සඳහා ‘ඇස් වසාගෙන’ පවා අනුමත කර අරමුදල් සැපයිය හැකි බවත් ඔහු පවසා තිබිණි.
තිස්සමහාරාම, බුත්තල, මහනුවර, අක්කරෙයිපත්තුව සහ සමන්තුරෙයි යන ප්‍රදේශවල පැවති ජන රැලි අතරතුර ජනාධිපතිවරයා විසින් ප්‍රශ්නගත ප්‍රකාශ සිදු කරන ලද බව වාර්තා වේ.
මේ අතර, ඉදිරි පළාත් පාලන මැතිවරණය මැයි 6 වැනි දින පැවැත්වීමට නියමිතය.
එදින නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට නියමිත පළාත් පාලන ආයතන අතරට මහ නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 272ක් ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart