October 22, 2024

අනිද්දා සැමෝවා රාජ්‍යයේදී ආරම්භවීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිවරයා හෝ ඇමැතිවරයකු සහභාගී නොවන බව කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත හේරත් සඳහන් කළේය.

දැනට රටේ පවතින තත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත්, රාජ්‍ය නායකයා වෙනුවට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සහ තවත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

42.31%
17.27%
32.76%