Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක භූමිභාගයක් මේ වන විටත් වෙන්කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ හරිත ආර්ථිකයකට මාරුවීම සඳහා සැළකිව යුතු පියවර ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (02) අරලිගහ මන්දිරයේ පැවති පළවැනි අන්තර්ජාතික දේශගුණික විපර්යාස සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය.
“ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල මෙම වෙනස ප්‍රවර්ධනය කිරීම සඳහා, අප අන්තර්ජාතික දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. මෙම දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවට පමණක් සීමා වන විශ්වවිද්‍යාලයක් නොවෙයි. එය අන්තර්ජාතික පාර්ශවකරුවන්ගේ ද විශ්වවිද්‍යාලයක් වනු ඇතියි. එය ඉදිකිරීම සඳහා දැනටමත් කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක් අප වෙන් කර තිබෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart