Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා අනුමත කිරීමේ ඡන්ද විමසීමේදී නොපැමිණීම හෝ අදාළ යෝජනාවට පක්‍ෂව හෝ විරුද්ධව ප්‍රකාශ කරන ලද ඡන්දයක් වේද යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනයක් ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථා සභාව විසින් නාමයෝජනා අනුමත කර ඇති නිලධාරියෙකු ඉවත් කිරීමට අධිකරණයට බලයක් තිබේද යන්න පිළිබඳවද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ද ජනාධිපතිවරයා සළකා බලමින් සිටින බව රජයේ ආරංචි මාර්ග පවසයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අතුරු නියෝගයක් නිකුත් කිරීමෙන් පසු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමාට පැවරී ඇති බලතල යොදාගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා මෙලෙස තීරණය කර තිබේ.
ඡන්ද විමසීමකදී ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු නොපැමිණීම යන්න විරුද්ධව ඡන්දය භාවිත කිරීමක්ද යන්න පිළිබඳ පැහැදිලි නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින් ජනාධිපතිවරයා අධිකරණයේ මතය විමසීමට පියවර ගන්නා බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මෙයින් අදහස් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41C (3) සහ 41G වගන්තිවල ක්‍රියාකාරිත්වය පිළිබඳව පැහැදිලි අර්ථකථනයක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින බවයි.
41C (3) වගන්තිය මගින් ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පසුව පත්කරන ලද නිලධාරීන් ඉවත්කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන අතර, 41(G) හි CC හි බලතල සහ රාජකාරි නියම කරයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරන ලද ඉල්ලීම නීතිපතිවරයාගේ උපදෙස් මත කෙටුම්පත් කර ඉන් අනතුරුව එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart