Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඉන්දියාවට හිමි ‘ලංකා IOC’ සමාගමේ ඒකාබද්ධ සමාගමක් ඇති කර විදේශ රටවලට ඛනිජ තෙල් අලෙවි කරන මධ්‍යස්ථානයක් මෙරට තුළ ඇතිකිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
ත්‍රිකුණාමලයේ අද (23) පැවැති ජනරැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේද සඳහන් කළේය.
“මේ තෙල් ටැංකි සංකීරණය තමුන්නාසේලා ගේ ඇස් ඉදිරිපිට දිර දිරා යනවා. දශක කීයක්ද? එතන තෙල් ටැංකි 99ක් තියෙනවා. ඒකෙන් 24ක් තෙල් සංස්ථාවට අයිතියි. ඒ 24න් 03ක්, ඔයගොල්ලෝ දන්නවා පෞද්ගලික සමාගමක් වතුර පුරවනවා. 21ක් තෙල් සංස්තාවට අයිතියි. අපි ඒක ප්‍රතිසංස්කරණය කරලා මේ පළාතට තෙල් බෙදා හරින මධ්‍යස්ථානය බවට පත් කරනවා. තව LIOC එකට අයිති ටැංකි ප්‍රමාණයක් තියෙනවා. අමතරව ගත්තාම ටැංකි 63ක් විතර ඉතුරුවෙනවා. ඒක තෙල් සංස්ථාවයි LIOC එකයි ඒකාබද්ධ සමාගමක් බවට අපි දැන් පත්කරනවා. පත්කරලා ලංකාවට නෙමෙයි, ලංකාවෙන් එළියට තෙල් අලෙවි කරන මධ්‍යස්ථානයක් ගොඩනගනවා. අපි දැනට සාකච්ඡා කරලා තියෙනවා. ඒක වඩාත් දියුණු වුණොත් අපි පිරිපහදුවක් ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ නිසා තෙල් වෙළෙඳාමේ හබ් එකක් බවට මේ ත්‍රිකුණාමලය පත්කරන්න පුළුවන්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart