September 10, 2024

ගීතා කුමාරසිංහ ඇතුළුතවත් රාජ්‍ය ඇමැතිවරුන් පස්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක ද මෙලෙස ඉවත් කළ පිරිස අතර වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය යටතේ මෙම ඉවත් කිරීම් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

මෙම රාජ්‍ය ඇමැතිවරු පිරිස මේ වන විට සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ යන ජනාධිපති අපේක්ෂකයන්ට සහයෝගය පළකරමින් සිටිති.