September 19, 2024

2024 ජනාධිපතිවරණයට සූදානම් වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්ව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි, මෙම රැස්වීමේ ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ, මැතිවරණ ක්‍රියාවලියේදී ආරක්ෂාව සහතික කිරීමයි.

මැතිවරණ කොමිෂන් සභාවට සහයෝගය ලබාදීම, අපේක්ෂකයන්ගේ සහ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සුරක්ෂිත කිරීම, මැතිවරණයෙන් පසු නීතිය හා සාමය ආරක්ෂා කිරීම, එදිනෙදා ජීවිතයට බාධා කිරීම් මඟහරවා ගැනීම වැනි කරුණු මෙහිදී සාකච්ඡා කෙරී ඇත.