February 8, 2024

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද උදෑසන ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.

පෙබරවාරි 9 සිට 10 දක්වා පැවැත්වෙන මෙම සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවත්වන බව පැවැසේ.

“ඉන්දියා පදනම සහ ඕස්ට්‍රේලියානු රජය විසින් මෙම සමුළුවට ආරාධනා කරන ලද අතර, ජනාධිපතිවරයා මෙම උත්සවයේදී ශ්‍රී ලංකාව සඳහා ආයෝජන අවස්ථා සොයාබලනු ඇත” යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

42.31%
17.27%
32.76%