September 14, 2024

ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඔහු මේ බව දැනුම්දී ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පංච පුද්ගල කමිටු වාර්තාවකට අනුව එහි සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්නට ඉල්ලා අස්විය යුතු බවට ඒකමතිකව ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ ජපානයේ ජයිකා(JICA) ආයතනය අතර ගිවිසුමක් සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට කෞෂල්‍ය නවරත්න අපොහොසත් වීම හේතුවෙන් සභාපතිවරයා ලෙස ඔහු කෙරෙහි තැබූ විශ්වාසය කඩකිරීමක් බව ජයිකා අරමුදල් මතභේදය විමර්ශනය කිරීමට පත්කළ කමිටුවට ප්‍රකාශ කර ඇත.