December 17, 2024

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අද පෙරවරුවේ බිහාර් වෙත පැමිණ බුද්ධගයාවේ මහාබෝධි විහාරස්ථානය වැඳපුදා ගත්තේය.

ඔහු පැමිණීමත් සමඟ ගයා ගුවන් තොටුපළේදී ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔහු පිළිගනු ලැබූ බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා පැවසුවේ මහාබෝධි විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත් බවයි.

ඉන් අනතුරුව සද්ධා උද්‍යානයේ ධර්ම ඝණ්ඨාර නාදයෙන් අනතුරුව විහාර සංකීර්ණයේ පිහිටි අනෙකුත් බෞද්ධ ආගමික ස්ථාන ද ජනාධිපතිවරයා
විසින් වැඳපුදා ගෙන තිබේ.

42.31%
17.27%
32.76%