September 11, 2024

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිලෙස ව්‍යාප්ත වී වීඩියෝවක දක්නට ලැබෙන ගුවන් හමුදා නිලධාරියකුගේ ආචාර දැක්වීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සම්මත පිළිවෙත්වලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත ගෞරවයක් වශයෙන් පිරිනමන ලද්දක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රී පීරිස් සමඟ ඇවිද යන ආකාරය දැක්වෙන අදාළ වීඩියෝවේදී පෙනී යන්නේ ගුවන් හමුදා නිලධාරියකු විසින් ‘Present Arms’ නමින් හඳුන්වන ආචාරය සිදු කරන ආකාරයයි.

ඒ අනුව බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණේ එය ඇයට සිදුකළ ආචාරයක්ද යන්නයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්ප්‍රදායිකව සහ චාරිත්‍රානුකූල පිරිනමන ආචාරශීලීත්වය මන්ත්‍රීවරයාට මිස දර්ශනවල සිටින වෙනත් කිසිදු පුද්ගලයකුට නොවන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කර තිබේ.