Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ නීරක්තයෙන් පෙළෙන ගැබිණි මවුවරුන්ගේ ප්‍රතිශතය සියයට 14.3 සිට සියයට 16.0 දක්වා වැඩි වී ඇති බැව් ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මඟින් 2023 වර්ෂයේ පෝෂණ මාසයට අදාළව නිකුත්කොට ඇති වර්තාවක සඳහන් වේ.
නීරක්තයෙන් පෙළෙන ඉහළම ගැබිණි මවුවරුන්ගේ ප්‍රතිශතය යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම ප්‍රතිශතය සියයට 28.3කි.
දෙවැනි ඉහළම ප්‍රතිශතය වාර්තා වන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන්වන අතර, එම ප්‍රතිශතය සියයට 25.6කි.
2022 හා 2023 යන වර්ෂවලදී සති 26, හා 28දී නීරක්තයෙන් පෙළෙන ගැබිණි මවුවරුන්ගේ ප්‍රතිශතය සියයට 22ක් බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවට අනුව යකඩ ඌණතාවෙන් පෙළෙන ගැබිණි මවුවරුන්ගේ සංඛ්‍යාව සියයට 11ක් වන අතර, විටමින් ඩී ඌනතාවයෙන් පෙළෙන ගැබිණි මවුවරුන්ගේ සංඛ්‍යාව සියයට 35.6කි.
අඩු උපත් බර දරුවන්ගේ සංඛ්‍යාවද වැඩි වී ඇති අතර, එය සියයට 15.1කි.
අඩු උපත් බර දරුවන්ගේ ඉහළම ප්‍රතිශතය වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර, එය සියයට 23.7කි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart