September 8, 2024

පසුගියදා තරුණ යුවලක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව තුළ විවාහ පූර්ව රූගත කිරීමක්(Pre-Shoot) සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම යුවළ හේවිසි මණ්ඩපය සහ අඹරාව ඇතුළු දළදා මාළිගාවේ විවිධ ස්ථානවල ඡායාරූප ගෙන ඇති අතර එය සමාජ මාධ්‍යවල සැළකිව යුතු විවාදයක් ඇති කර තිබේ.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මේ පිළිබඳව තමන් පොලිසියට දැනුම් දුන් බව තහවුරු කර ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා ඡායාරූප ශිල්පියා සමඟ යුවළ අද (09) මහනුවරට කැඳවා තිබේ.