September 1, 2024

කලාපයේ සමහර රටවල් ඇතුළු ඇතැම් බලවත් රටවලට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාවේ දුර්වල ආණ්ඩුවක් බවත්, එවිට ඔවුන්ට අවශ්‍ය දේ ලබාගැනීමට හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද පැවැසීය.

“සමහර බලවත් රටවලට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව තුළ ඔවුන් මත යැපෙන දුර්වල ආණ්ඩුවක්. ඒ වගේම දුර්වල ආණ්ඩුවක් බලයේ ඉන්නකොට මේ රටවලට අවශ්‍ය දේ ලංකාවෙන් ලබාගන්න පුළුවන්” යැයි දොස්තර සේනාරත්න ජනමාධ්‍ය හමුවකදී පැවැසීය.