September 6, 2024

අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් විදුලිය හා ඉන්ධන සැපයීමට අදාළ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ගැසට් පත්‍රය සැප්තැම්බර් 5 වැනි බ්‍රහස්පතින්දා නිකුත් කර ඇත.

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය යටතේ මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

එම ගැසට් පත්‍රය මගින් විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම සහ බෙදා හැරීම අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලෙස නම් කර ඇත.