October 26, 2024

මාරවිල පොලිසිය තුළ කළහකාරී ලෙස හැසිරුණු පුත්තලම දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනේරිය ලන්සියගම පදිංචි ලියෝ හර්බට් රංජිත් ප්‍රනාන්දු නැමති අයෙකු බව පොලිසිය අනාවරණය කරයි.

මැතිවරණ පෝස්ටර් අලවෙමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනෙක් බේරාගැනීමට පොලිසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය පවසයි.

පොලිස් ස්ථානාධිපතිවාරයාට බැනවදිමින්, පොලිස් ස්ථානයේ මේස මත තිබූ පොත්පත් විසිකර ඔහු මෙලෙස කලහකාරී ලෙස හැසිරුණු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%