July 29, 2024

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් පිළිබඳ පුරෝකථනය කරමින් ඒ ගැන වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

එම ඇස්තමේන්තුවට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම රුපියල් බිලියන 1.4කි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ අද (29) මේ බව අනාවරණ කළේය.

සාමාන්‍ය තැපැල් ගාස්තු, ලියාපදිංචි තැපැල් ගාස්තු, ලිපි ද්‍රව්‍ය සඳහා වන වියදම්, ප්‍රවාහන වියදම්, පරිපාලන ගාස්තු ඇතුළු බොහෝ වියදම් ඇස්තමේන්තුවෙන් ආවරණය වන බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම ඇස්තමේන්තුව පුරෝකථනයක් බවත් ඉල්ලා ඇති අවසාන මුදල වෙනස් විය හැකි බවත් රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

 

42.31%
17.27%
32.76%