Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී බැල්ටිමෝර් පාලමේ ගැටී අනතුරට ලක්වූ නෞකාවේ අනතුරුදායක ද්‍රව්‍ය තිබී ඇති බවට වාර්තා වුවද එම ද්‍රව්‍ය ශ්‍රී ලංකාව වෙත රැගෙන එමින් තිබූ බවක් ඉන් අදහස් නොවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශකර තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් ප්‍රකාශකර ඇත්තේ නෞකාවේ තිබූ බොහෝ බහාලුම් ශ්‍රී ලංකාව හරහා වෙනත් ගමනාන්ත වෙත රැගෙන යෑමට නියමිතව තිබූ බවයි.
නෞකාව අනතුරට ලක්වන අවස්ථාව වනවිට එහි බහාලුම්වල අඩංගු දෑ පිළිබඳ ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුවත්ව නොසිටි බව ද ඔහු ප්‍රකාශකර තිබේ.
නැවෙහි තිබු කන්ටේනර්වලින් කොපමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන එන ලද ඒවාදැයි නොදන්නා බවද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශකර ඇත.
නෞකාවක අන්තර්ගතය පිළිබඳ ශ්‍රී ලංකා වරාය අධිකාරියට සාමාන්‍යයෙන් දැනුම්දෙන්නේ පැය 72කට පෙර බවද සභාපතිවරයා පෙන්වා දී ඇත.
එම නෞකාව අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ වරායට පැමිණීමට නියමිතව තිබූ බැවින් නෞකාවේ බහාලුම්වල අන්තර්ගතය පිළිබඳ ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොදන්නා බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ අදාළ නෞකාවේ අනතුරුදායක ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට එක්සත් ජනපදයේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ආයතනයක් වාර්තාකර තිබූ පසුබිම තුළය.
එම මාධ්‍ය වාර්තාවට අනුව, නෞකාවේ තිබූ බහාලුම් 56ක පමණ විඛාදන ද්‍රව්‍ය, ගිනි ගන්නා ද්‍රව්‍ය සහ ලිතියම් අයන බැටරි ඇතුළු අන්තරායකර ද්‍රව්‍ය අඩංගු වී තිබේ.
එක්සත් ජනපදයේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය ප්‍රකාශකර ඇත්තේ මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මාස 12 සිට 24ක් දක්වා ගත විය හැකි බවයි.
එම කාලය තුළ හදිසි ආරක්ෂක නිර්දේශ නිකුත් කිරීමට එක්සත් ජනපදයේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පසුබට නොවන බවත් මේ පිළිබඳ මූලික වාර්තාව සති හතරකින් නිකුත් කිරීමට නියමිත බවත් ඔවුන් ප්‍රකාශකර තිබිණි.
සිංගප්පූරුවේ ධජය සහිත ඩාලි නෞකාව බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටීමෙන් පාලම කඩා වැටීමේ අනතුර සිදුවූයේ අවස්ථාවේ පාලමේ මාර්තු 26 වැනි දිනයි.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart