Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉංජිනේරු, තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර අධ්‍යයන/කළමනාකරණය, මූල්‍ය, අලෙවිකරණය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා සඳහා කලාපීය අධ්‍යාපන ඉල්ලුම ඉහළ නැංවීම සඳහා අන්තර්ජාතික විශ්වවිද්‍යාලයක් කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිතය.
බහු සේවා විශේෂ ආර්ථික කලාපයක් වන කොළඹ වරාය නගරය (Port City Colombo), දේශීය හා අන්තර්ජාතික විශ්වවිද්‍යාල මට්ටමේ සිසුන්ට විවිධ අධ්‍යයන ක්ෂේත්රයන්හි අධ්‍යයන කටයුතු සඳහා අවස්ථා විවෘත කරමින් ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධනයේ එන්ජිම බවට පත් වීමට නියමිත බව වරාය නගර ව්‍යාපෘතිය පවසයි.
ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර අධ්‍යයනය/කළමනාකරණය, මූල්‍ය, අලෙවිකරණය සහ වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්රවල ප්‍රථම සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා කලාපීය ඉල්ලුම සපුරාලමින්, ‘බුද්ධිගලනය’ ආපසු හැරවීමට සහ දේශීය රැකියා වෙළෙඳපොළ තුළ වර්තමාන කුසලතා පරතරය අඩු කිරීම සඳහා ධනාත්මක දායකත්වයක් සැපයීම වරාය නගරයේ අරමුණ බව පැවැසේ.
පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්රයේ ප්‍රමුඛතම වාර්තාවකට හිමිකම් කියන අන්තර්ජාතික විශ්වවිද්‍යාලය, වරාය නගරයට ළඟදීම පැමිණීමට නියමිත අතර, කොළඹ තෘතීයික අධ්‍යාපනය සඳහා උපාය මාර්ගික කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට එය පත්කිරීමට අපේක්ෂා කෙරේ.
යෝජිත විශ්වවිද්‍යාලය උපාධි සහ පශ්චාත් උපාධි යන දෙකටම පහසුකම් සලසන පිළිගත් විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත ප්‍රධාන පීඨ ගණනාවකින් සමන්විත වනු ඇතැයි පැවැසේ.
මෙම අන්තර්ජාතික විශ්වවිද්‍යාලය සිසුන් 3,000 සිට 4,000 දක්වා ධාරිතාවක් සඳහා ඇස්තමේන්තු කර තිබේ.
විශ්වවිද්‍යාලය විසින් වෛද්‍ය ක්ෂේත්රයේ ප්‍රක්ෂේපිත අධ්‍යයන වැඩසටහනක් ඉදිරිපත් කරනු ඇති අතර, අනාගත වෛද්‍ය සිසුන්ට දේශීයව අධ්‍යයන කටයුතු කරගෙන යෑමට දිරිගන්වන ලෝක මට්ටමේ ඉගෙනුම් සහ පුහුණු පහසුකම් සැපයීමේ අරමුණු සහිතව ක්‍රියාත්මක වනු ඇත.
කොළඹ වරාය නගරයේ යෝජිත අන්තර්ජාතික රෝහලේ ඉගැන්වීම් පහසුකම් සමඟ හවුල්කාරිත්වයක් ද මෙයට ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart