September 15, 2023

එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමට ඉදිරිපත් වී තිබේ.

කැමරන් සැප්තැම්බර් 26 වන දින අබුඩාබි සහ ඩුබායි හි පැවැත්වෙන ආරාධිතයන්ට පමණක් වෙන් වූ ඉහළම උත්සයකදී කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමට නියමිතය.

“දැන් ශ්‍රී ලංකාවේ පෝට් සිටි කලම්බු හි ආයෝජනය කිරීමට කාලයයි”(Now is the time to invest in the Port City Colombo, Sri Lanka) මැයෙන් සංවාදයකට ඔහු සම්බන්ධ වනු ඇත.

නව ඉන්දු-පැසිෆික් ආර්ථිකය තුළ ශ්‍රී ලංකාවේ කාර්යභාරය සහ වෙළඳ ආයෝජන සහ තිරසාරත්වයේ සම්බන්ධය ලෙස පෝට් සිටි ස්ථානගත කිරීම පිළිබඳව ද මෙම සුවිශේෂී උත්සවය අවධානය යොමු කිරීමට නියමිතය.

දකුණු ආසියාව, ඉන්දියානු උප මහාද්වීපය, මැදපෙරදිග, නැගෙනහිර අප්‍රිකාව සහ අග්නිදිග ආසියාව සඳහා උපායමාර්ගික මූල්‍ය, නේවාසික, වෛද්‍ය, අධ්‍යාපන, විවේක හා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙසින්, පෝර්ට් සිටිය ඉන්දියානු සාගරයෙන් නැඟී එන නව නගරයක් ලෙස මෙම උත්සවදී ප්‍රවර්ධනය කෙරෙනු ඇත.

මෙම උත්සවයට සහභාගී වන ප්‍රධාන පෙළේ නායකයන් අතරට, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශ්‍රී ලංකා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නිර්ජ් දේවා ආදිත්‍ය, Sovereign Wealth Fund ආයතනයේ සභාපති ලක්ෂ්මි නාරායනන් සහ පෝර්ට් සිටි ආර්ථික කොමිසම ඇතුළත් වේ.