Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරායේ නැගෙනහිර සහ ජය පර්යන්ත ඉදිකිරිම සඳහා වරාය නගර(පෝට් සිටි) ව්‍යාපෘතියෙන් නීති විරෝධී ලෙස වැලි ලබා ගැනීමට චයිනා හාබර් ඉංජිනේරු සමාගමට (CHEC) රජය විසින් අවසර ලබාදී ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
එම පක්ෂයේ ප්‍රකාශක පුබුදු ජාගොඩ ඊයේ (25) චෝදනා කළේ, අදාළ ගිවිසුමට අනුව ව්‍යාපෘති සඳහා වැලි මුතුරාජවෙල ප්‍රදේශයෙන් ගෙන ඒමට නියමිතව තිබුණද, එම ව්‍යාපෘති දෙකෙහිම කොන්ත්‍රාත්කරුවන් වන CHEC සමාගම පෝට් සිටි ව්‍යාපෘතියෙන් වැලි ලබාගන්නා බවයි.
CHEC සමාගම විසින් රුපියල් මිලියන 80ක් වටිනා වැලි කියුබ් 4000ක් පමණ මාසිකව නීතිවිරෝධී ලෙස වරාය නගරයෙන් මෙලෙස අදාළ ව්‍යාපෘති සඳහා ප්‍රවාහනය කරන බවද පුබුදු ජාගොඩ අනාවරණය කළේය.
මෙවැනි මහා පරිමාණ ඉදිකිරීම් සඳහා මුහුදු වැලි යෝග්‍යද යන්න සහ කොන්ක්‍රීට් වැඩ සම්බන්ධයෙන් චීන ජාතිකයන් නියමිත ප්රමිතීන් සපුරා තිබේද යන්න පිළිබඳව රජය පැහැදිලි කිරීමක් කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
චීන ජාතිකයන් විසින් ලබාගන්නා මෙම දැවැන්ත මුහුදු වැලි තොග සඳහා බදු ගෙවන්නේ දැයිද හෙතෙම විමසා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart